අම්පාර, නාමල්ඔය සහ ගෝනගල ගොවි ජනතාව විසින් වගා කරනු ලැබූ කහ අස්වැන්න වෙලද පොලට
පසුගිය 2020 මහකතන්නයේදී නාමල්ඔය ගොවි ජනතාව විසින් වගා කරනු ලැබූ කහ අස්වැන්න නෙළා වෙළෙඳපොළට ගෙන ඒම මේ දිනවල සිදුවේ. අමු කහ කිලෝව රුපියල් 380-400 මි
ල ගණන් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට නාමල්ඔය කහ ගොවීන් රු. මිලියන 19ක් උපයාගෙන ඇත. පසුගිය කන්නයේදී අම්පාර දිස්ත්‍රික්කයේ කහ ගොවීන්ට බීජ මිලදී ගැනීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ගෙවනු ලැබීය.
2021 මහ කන්නය සඳහා ද මෙම ආධාර ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර සහකාර අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගනිමින් සිටියි.
නාමල්ඔය සහ ගෝනගල ගොවි ජනතාව විසින් වගා කරනු ලැබූ කහ අස්වැන්න මිලට ගැනීමේ දී මූලික වී ඇත්තේ අම්පාර ගෝනගල කෘෂිකර්ම ඵලදායිතා ගම්මාන සමූපකාර සමිතිය විසිනි. මේ වන විට නාමල්ඔයදී කිලෝ 50000ක් සහ ගෝනගලදී කිලෝ 30000ක් මිලදී ගෙන ගබඩා කර ඇති අතර දැනට ගොවීන් විසින් නෙළනු ලබන කහ අස්වනු සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට සූදානම්ව සිටින බව අම්පාර ගෝනගල කෘෂිකර්ම ඵලදායිතා ගම්මාන සමූපකාර සමිතියේ සභාපති දයාරත්න බණ්ඩාර මහතා පැවසීය. කෘෂිකර්ම අමාත්‍යංශය සහ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර වැඩසටහන (SAPP) මඟින් මේ සඳහා සම්පූර්ණ සහයෝගය දෙන බවද සභාපතිවරයා පවසයි.
මේ වන විට අසාමාන්‍ය මිල ඉහළ යෑමක් සිදුවී ඇති හෙයින් අමු කහ කිලෝව රු. 380.00 - 400.00 දක්වා මිලකට සමිතිය විසින් මිලදී ගෙන ගබඩා කර තිබෙන අතර කහ කුඩු නිෂ්පාදනයට සඳහා වගා සඳහා ගෙවීන්ට බීජ වශයෙන් ලබා දීමට මෙසේ මිලදී ගත් කහ තොග යොදා ගන්නා බව සභාපතිවරයා පැවසීය.
කහ වගා කරන ගොවි ජනතාව සමඟ නොයෙකුත් ව්‍යාපාර ආයතන සම්බන්ධ වී සිටින නිසා අමු කහ කිලෝව අස්වාභාවික මිල ඉහළ යෑමක් සිදු වී තිබෙන බවද කෙසේ වෙතත් රටට අවශ්‍ය කහ කුඩු නිෂ්පාදනය කිරීමට සමූප, සතොස, සහ පෞද්ගලික වෙළෙඳ ආයතන හරහා අලෙවි කිරීමට සූදානම්ව කටයුතු කරන බවද බණ්ඩාර මහතා පැවසීය.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර සහකාර අධ්‍යක්ෂ රංජිත් පිටවල මහතා : කහ වගාව වැඩි දියුණු කිරීම සඳහා කහ ගොවීන්ට 2020 මහකන්නයේදී බීජ මිලදී ගැනීමට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ගොවීන්ට ගෙවනු ලැබුවා. දැනට වගාවට සූදානම්ව සිටින ගොවීන්ට බීජ මිලදී ගැනීම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ අදහසින් මේ වන විට සූදානම් කර ගෙන යනවා.
අම්පාර ගෝනගල කෘෂිකර්ම ඵලදායිතා ගම්මාන සමූපකාර සමිතිය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් ඉදිරි යල කන්නයේදී නාමල්ඔය සහ ගෝනගල අක්කර 2000ක පමණ කහ වගාව ව්‍යාප්ත කිරීමට ගොවීන් සූදානම්ව සිටිති.
කහ වගා කිරීමට අවශ්‍ය බීජවල මිල ඉහළ යෑම මෙන්ම වගාව සඳහා යෙදවුමක් වශයෙන් පාවිච්චි කරන පිදුරු ට්‍රැක්ටරයක් රු. 12000 සිට 15000 දක්වා ගොවීන් විසින් මිල ඉහළ දමා ඇති අතර, ගොම පොහොර ට්‍රැක්ටරයක් රු. 5000ක් දක්වා මිල ඉහළ ගොස් ඇතැයි කහ වගාවට සූදානම්ව ඇති ගොවීහු පවසති.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර සහකාර අධ්‍යක්ෂ රංජිත් පිටවල මහතාගෙන් මේ සම්බන්ධව කළ විමසීමකදී ඒ මහතා පැවසූවේ මෙවැනි අදහසකි. කහ වගාවට යොදා ගන්නා ඉඩමේ තෙතමනය රඳවා ගැනීමට සහ එම පිදුරු දිරා ගිය විට පොහොර වීමට අවශ්‍ය නිසා මෙම වගාවට පිදුරු යොදාගන්නවා. පිදුරු නැත්තම් ගිනිසීරියා, වියළි බඩ ඉරිඟු ගස්, ඉලුක්, මානා (මල් පිපෙන්නට පෙර) පිළිස්සූ දහයියා, කහ වගාවේ වැස්මක් වශයෙන් පාවිච්චි කළ හැකියැයි පැවසීය.
No comments:
Post a Comment