Thursday, September 9, 2021

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට බලපෑ ප්‍රධානතම හේතුව


විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට බලපෑ ප්‍රධානතම හේතුව, මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන විශේෂඥයින්ගේ නිර්දේශ අනුව ක්‍රියාත්මක නොවීම බව වාර්තාුප වනවා. 

විශේෂඥයින්ගේ උපදෙස් නොතකමින් මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉකුත් කාල සීමාවේදී ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වුණා. 

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට පළමුව කොවිඩ් එන්නත් ලබා දිය යුතු බවට තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබුණද වයස අවුරුදු   30 ට වැඩි සියලු පුද්ගලයින්ට පළමුව එන්නත් ලබාදීමටයි පියවර ගැණුනේ. 

ඒ හේතුවෙන් වයස අවුරුදු 60 ට වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයින් විශාල පිරිසකට එන්නත් ලබාදීම ප්‍රමාද වූ බවත්, එය මෙරට කොවිඩ් මරණ වැඩිවීමට හේතුවක් වූ බවත් විශේෂඥයින්ගේ මතයයි. 

දිගින් දිගටම විශේෂඥයින්ගේ උපදෙස් අනුව කොවිඩ් මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ එමගින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට වගකිව නොහැකි බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද ජේවික්‍රම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත්තේ.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් ත් අතර තරුණයින් සඳහා ෆයසිර් එන්නත් ලබාදීමද විශේෂඥ මතයට බැහැරව සිදුවී ඇති බවයි පැවසෙන්නේ. විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කර ඇත්තේ විවිධ රෝගාබාධවලින් පෙළෙන අවධානම් කාණ්ඩයේ පසුවන දරුවන් සඳහා එම ෆයිසර් එන්නත මාත්‍රා 50,000 වෙන් කරන ලෙසයි. කෙසේ වෙතත් එම උපදෙස් නොතකමින් ෆයසිර් එන්නත් 50,000 ක් පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එන්නත්කරණ කටයුතු සඳහ යොමු කර තිබෙනවා.
#ගල්ඔය #News

No comments:

Post a Comment