Thursday, September 9, 2021

ආරම්භය ලෙස රට හරක් 4800ක් ගෙනවිත් 2025 දේශීය කිරිපිටි අවශ්‍යතාවය සපුරනවා


දේශීය ගොවීන් දිරිගැන්වීම පිණිස රජය තීරණ 02ක් ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(07) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

පළමු අවධානය යොමු වී තිබෙන්නේ, දේශීය වශයෙන් දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටයි.

මේ සඳහා දැනටමත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත්, භාවිතයට නොගන්නා ඉඩම් පවරා ගෙන කිරි ගොවිපොළවල් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

එම ඉඩම් බදු පදනම මත ලබාදීමට යෝජිතය.

කෘෂිකර්ම අමාත්‍ය, මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, මේ වනවිට කිරිපිටි 60% ආනයනය කරන බවය.

ඒ හේතුවෙන්, සෞභාග්‍යයේ දැක්මෙන් යැපුම් ආනයන ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයකට යන ලෙස ජනාධිපතිතුමා පැවසු අතර ඒ හේතුවෙන් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සියල්ල 2025 වනවිට නිෂ්පාදනය කිරීමට ඒ වැඩපිළිවෙළ කරගෙන යන බව අමාත්‍යවරයා පැවසීය.

තවද මේ සඳහා විදෙස් ආයෝජකයෙක් සිටින අතර දේශීය ආයෝජකයින් සිව්දෙනෙක් සිටි ඔවුන් එකතු⁣ වී ගවයින් 4,800ක් ආනයනය කිරීමට ද බලාපොරොත්තු වන අතර අවුරුදු 05ක් යනවිට මෙම ගවයින් ප්‍රමාණය 25,000 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment