Tuesday, September 21, 2021

2022 පෙබරවාරි 04⁣ නිදහස් සමරු උළෙල සංවිධානයට කැබිනට් අනු කමිටුවක්


2022 පෙරවාරි 04 වෙනි දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් සමරු උළෙලට අදාල වැඩසටහන පිළියෙල කර අවශ්‍ය කටයුතු සංවිධානය හා මෙහෙයවීම සදහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.
 එම කමිටුව සඳහා කැබිනට් අමාත්‍යවරු එකොලොස් දෙනෙක් පත් කිරීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කමිටුව  සඳහා යෝජනා කර ඇති කැබිනට් අමාත්‍යවරුන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ සහ වාසුදේව  නානායක්කාරයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මෙම කමිටුවේ ලේකම් වශයෙන් කටයුතු කරනු ඇති බවද දැක්වෙනවා.ෙල කර අවශ්‍ය කටයුතු සංවිධානය හා මෙහෙයවීම සදහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා. එම කමිටුව සඳහා කැබිනට් අමාත්‍යවරු එකොලොස් දෙනෙක් පත් කිරීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කමිටුව  සඳහා යෝජනා කර ඇති කැබිනට් අමාත්‍යවරුන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ සහ වාසුදේව  නානායක්කාරයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මෙම කමිටුවේ ලේකම් වශයෙන් කටයුතු කරනු ඇති බවද දැක්වෙනවා.
Galoya News 

No comments:

Post a Comment