මේ වර්ෂය පමණක් අපට ලැබිය යුතු ආදායමෙන් බිලියන 1500 ක් 1600 ක් අතර ප්‍රමාණයක් අඩු වී ඇති බව මුදල් අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
වනයේ ගිජිදාය දුටුවොත් වනසාය. ළිඳේ පණිදාය වැටුණොත් ඌ කාය. අතකින් කරවැලකි අතකින් දඬු බෑය. මරණ තුනක් ඇති මිනිසෙක්
පැණි කෑය. මේකෙන් මම සඳහන් කරන්නේ අද ශ්‍රී ලංකාව සමස්ත ජනතාවත් මුහුණ පාලා තියෙන තත්ත්වය. අපේ රට දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම දේශීය මුදල් අතිනුත් මහා භාණ්ඩාගාර යත් අපේ සමස්ත ආර්ථිකය මේ කරුණු තුන උඩ බලපාල තියෙන වෙලාවක ඒ සඳහා විසඳුම් හොයන්න මම හිතන්නේ විපක්ෂය සහයෝගය ඇතුව මේ කටයුත්ත කළ යුතුව තියෙනවා. අපි දන්නවා සමහර අවස්ථාවල නාස්තිය දූෂණය අනවශ්‍ය වියදම් තියෙන බව අපි පිළිගන්නවා. මේ වර්ෂය පමණක් අපට ලැබිය යුතු ආදායමෙන් බිලියන එක්දහස් පන්සියයක් එක්දහස් පන්සියයක් 1600 ක් අතර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ආදායම ලැබෙන අයුරු අප තක්සේරු කරපු ප්‍රමාණයටත් වඩා වාහනවලින් තමයි වැඩිම ආදායම් ලැබුණේ දැන් අවුරුදු එක හමාරක ඉඳලා මේ රටට මේ රටට වාහන ගෙන්වීම නතර කරල තියෙනවා. අපිට සම්පූර්ණයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම අඩු වෙනවා. වැට් ආදායම සාමාන්‍යයෙන් 75 % ක අසූවක විතර ආදායමක් අපිට අඩු වෙනවා. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් වියදම මේ ආකාරයට අඩුවෙලා නෑ නෑ. අපි දන්නවා වියදම වැඩි වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. අපිට ලැබිච්ච vaccine වලින් සියයට අසූවක් විතර ලැබුණේ සල්ලිවලට. ඒවට මුදල් ගෙවීමක් සිද්ධ වෙනවා උදාහරණයකට ඔක්සිජන් වෙනදා වගේ දෙගුණයක් භාවිතා වෙනවා. කිසිම අපි අඩු කිරීමක් කළේ නැහැ. දීමනා අඩු කිරීමක් කළේ නැහැ ශ්‍රමිකයින්ගෙන් ලැබිච්ච සම්ප්‍රේෂණ 30% ක ක 25% ක අතර ප්‍රමාණයකින් ගිය මාස තුනේ අඩු වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඒ ණය වාරික එකක්වත් අපි අත ඇරලා නැහැ. තිබුණු ණය බරවලුත් අපි නැති කරගෙන යනවා. ණය නැති රටක් බවට අපි පත් වෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම දේශපාලන කොන්දේසි හෝ රටේ ස්වෛරීභාවයට ස්වාධීනත්වයට හානි නොකරන ණය ආධාර ලබා ගැනීම තමයි අපේ ප්‍රතිපත්තිය
No comments:
Post a Comment