වරක් භාවිත කර ඉවතලන තවත් ප්ලාස්ටික් නිෂ්පාදන 07 ක් මෙරට නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබුනු වහාම නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යංශය සඳහන් කලා.
ඒ අනුව පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බීම බට හා කළතන – ප්ලාස්ටික්වලින් නිපදවන ලද හැඳි, බීම කෝප්ප, පිහි, ගෑරුප්පු, – ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි සහ ප්ලාස්ටික් කෘත්‍රිම තණ ඇතිරිළි මෙලෙස තහනම් කිරීමට නියමිතයි.
පොලිතීන් මල්මාලා, හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම සහ පොලිතීන්වලින් හා ප්ලාස්ටික්වලින් සකසන ලද ග්‍රොසරි බෑග් හා සිලි සිලි බෑග් ද ඒ අනුව තහනම් වේ.
No comments:
Post a Comment