Friday, October 15, 2021

දෙහිඅත්තකණ්ඩිය ඇල්බීසියා විදුලි බලාගාරය


දෙහිඅත්තකණ්ඩිය, දියවිද්දාගම "විදුල් බයෝමාස්" ආයතනය සතු 3.3MW ධාරිතාවයකින් යුත් ජෛව ස්කන්ධ විදුලි බලාගාරය ග්ලිඩිසීරියා දැව උපයෝගී කරගෙන ක්‍රියාත්මක වන අතර වාර්ෂිකව ගිගාවොට් පැය 24ක් ජාතික පද්ධතියට එක් කරයි.

 මෙම ආයතනය පසුගියදා විදුලිබල රාජ්‍ය අමාත්‍ය දුම්න්ද දිසානායක මහතාගේ නීරීක්ෂණයට ලක් විය.
මෙම ආයතනය සතුව අක්කර 700ක ග්ලිඩිසීරියා වගාවක් සතු වේ..
මෙම බලාගාරය ප්‍රදේශයේ පවුල් 15000ක් පමණ ග්‍රිඩිසීරියා වගාකරන අතර මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය මගින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද විශාල පිටිවහලක් ලබාදී ඇත.
70% පුනර්ජනනීය ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට මෙවැනි දෙස් විදෙස් ආයෝජන ඉතාමත් වැදගත් වන අතර මේ වනවිට රජය පුනර්ජනනීය බලශක්ති ආයෝජකයන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබෙන බව විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Galoya News










No comments:

Post a Comment