ගෑස් පෝලිම් අම්පාරේ තිබුනේ නැත. කිරිපිටි පෝලිමක් නොතිබුණේ අම්පාරේ කිරිපිටි තිබුනෙම නැති නිසා, ඒත් සිමෙන්ති පෝලිම අම්පාරට තදින්ම දැනී ඇත.
සැලැබ් එකට යකඩ දැල්ටික දාලා සති ගානක් බලන් හිටියත් සිමෙන්ති නැත. උදේම හාඩ්වෙයාර් මුදලාලිලා සමග සිමෙන්ති ගන්න විදිහ සැලසුම් කරයි. දවසේ රස්සාව කරන මිනිස්සු වැඩ බිමට ගියාම සිමෙන්ති නැතුව වැඩ නැති වෙලා. ලන්සුව සිමෙන්ති මිටියට 1500 තිබ්බත් සිමෙන්ති නැත. මිල 98/= කින් වැඩි කලත් සිමෙන්ති නැත. කථා කොටගත් මිලට කාලයට වැඩබිම් භාරදීමට නොහැකිව කොන්ත්‍රාත්කරුවන් අසරණ වෙලා. සිමෙන්ති ලොරියක් ආවත් ලොරියම ලොකු වැඩබිමකට බා හොරෙන්ම යයි. කොට්ටයේ සදහන් මිලට සිමෙන්ති විකිණෙන්නේම නැත. ඉල්ලුමට අනුව සැපයුම නැත, ඒ අර්ථ ශාස්ත්‍රයට අනුව සිමෙන්ති මිල තව තවත් වැඩි විය යුතුය.
ගල්ඔය News
No comments:
Post a Comment