Monday, October 4, 2021

ඉනදීය හමුදා භටයින් අම්පාරට


ඉන්දීය හමුදාව ලංකාවට
ඉන්දු - ලංකා යුද හමුදා අතර වාර්ෂිකව පවත්වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය ඊයේ ආරම්භ වුනා

ඒ සඳහා සහභාගි වන ඉන්දීය යුද හමුදා භටයින් 120 දෙනෙකු පෙරේදා මත්තල ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණි බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ.

අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී ආරම්භ වන යුද අභ්‍යාසය ලබන 16 වනදා තෙක් පැවැත්වෙනවා.

දෙරටේ හමුදා අතර මිත්‍රත්වය වැඩිකරගැනීම සහ අත්දැකීම් හුවමාරුව අරමුණු කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය පළමුවරට ආරම්භ කරනු ලැබුවේ 2012 වසරේදියි.

එමෙන්ම, ජපානයට අයත් විශාලම යුද නෞකා තුනක් වන කාගා, මුරසාමේ සහ ෆුයුෂුකි නෞකා ත්‍රිත්වය ද ඊයේ නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වුණා.
Galoya News 

No comments:

Post a Comment