Thursday, January 12, 2023

අම්පාරට පූජනීය ස්ථාන 03ක් ගැසට් කරයි


අම්පාරට ගැසට් මගින් පූජාස්ථාන 03ක්
📌️පොතුවිල් මුහුදු මහා විහාරය
📌️පියංගල රජ මහා විහාරය
📌️මඟුල් මහා විහාරය

මේ වසරේදී පුජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම්කර ඇතැයි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් මුහුදු මහා විහාරය පූජා භූමියක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කරන්නේ පසුගිය වසරේදී පූජා භූමි 16ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

 අම්පාර පියංගල රජ මහා විහාරය, මඟුල් මහා විහාරය අම්පාර දිස්ත්‍රික්කයේ  ඉකුත් වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති පූජා භූමි වේ. 

මේ වනවිට මෙරට පුජා භූමි 101 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. 1961 ඔක්තෝම්බර් 16 දින කතරගම මෙරට පළමු පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර පසුගිය මාසයේ 23 වැනිදා මෙරට 101 වැනි පුජා භූමිය ලෙස මහියංගනය රජ මහා විහාරය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරිණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ පූජා භූමි ප්‍රකාශයට පත් කිරීමේදී නිර්ණායක 03 ක් අනුව එය සිදු කෙරෙන බවයි. ජාතික වශයෙන් කාලපීය වශයෙන් හා ප්‍රාදේශීය වශයෙන් වැදගත් වන ස්ථාන මෙලෙස තෝරා ගන්නා බවයි.

පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස මේ වනවිට ලැබී ඇති ඉල්ලීම් අධ්‍යයනය කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත දැනටමත් උපදෙස් දී ඇති බවද ඔහු පෙන්වා දෙයි. 

පූජා භූමි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශ අනුමැතියද මිනින්දෝරු සැලැස්මද ඊට අත්‍යාවශ්‍ය බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.
 #galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon 
#Srilanka #Ampara  #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya

No comments:

Post a Comment