අම්පාර මහ රෝහල කිව්ව ගමන් ලංකවේ හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි. ඒ හිටපු මහ රෝහල් අධ්යක්ෂ අභාවප්‍රාප්ත ලංකාතිලක ජයසිංහ ගවමඩුවක්වූ මේ රෝහල ආසියාවේම හොදම රෝහල දක්වා පරිවර්තනය කිරීමේ අපූරු කතාව නිසා. අම්පාර මහ රෝහල වගේම 2018 දී දන්ත වෛද්‍ය ඒකකට පැමිණි ඉතාමත් ප්‍රියමනාප සිහින් සිරුරකින් හෙබි අලුතින් පැමිණි දොස්තර
මහත්තයෙක් පසුගිය වසර 5 තුල අම්පාරේ කා අතරත් අතිශයින් ජනප්‍රිය චරිතයක් වුනා. වෙදකමට වඩා ගිය ලෙන්ගතු කමකින් හැමෝටම සමීපවෙමින් තම සේවාව ලබාගැනීමට එන රෝගින්ව බලාපොරොත්තු වූවාටත් එහා ගිය සේවාවක් ලබා දුන් ඔහු ඩොක්ටර් සමීර අමරසිංහ. කොලඹ රාජකීය විදුහල දායදකල මේ කරුණාවන්ත සොදුරු වෛද්‍යතුමා අම්පාරේ සිටි මේ වසර 5 ආසන්න කාලය තුල කා අතරත් ජනප්‍රිය වුනේ හිතහොද දත් දොස්තර ලෙසයි. තමන් ලගට එන ඕනම රෝගියෙකුට තමන්ගේ අම්මා හෝ තාත්තා ලෙස සලකා කතා කිරීම ඔහුට උරුම වු ලෙන්ගතුකමකි. එක්වරක් සේවාව ලබාගත් සෑම රෝගියෙකුම ඔහුගේ සමීප යහලුවෙක් වන්නේ නිතැතිනි. අම්පාරේ හැමෝම අදුරන පිටින් ආ අති දක්ෂ දොස්තර මහතෙකු ඇත්නම් ඒ ඔහු පමණකි.
තමන්ගේ සේවාව ලබාගැනීමට එන අසරණ රෝගීන්ට දිවා ආහාරය ලබා දෙන්නේත් ගෙදර යන්න බස් වියදම නැත්නම් ත්‍රී වීලරයට සල්ලි දෙන්නේත් ඔහුගේ සාක්කුවෙනි. ඇතැම් විට දුප්පත් රෝගීන් ගොඩක් ආවොත් අතේ තියන සල්ලිත් අවසන් වූ පසු කාට හෝ යාලුවෙකුගෙන් ණයක් ඉල්ලා බඩු මල්ලක් අරන්දීම ඔහුගේ හැටිය.
පුද්ගලික වෛද්‍ය ආයතනයේත් ඔහු සේවයට යන්නේත් මුදල් හම්බකරන පරමාර්ථයට වඩා කවුරුහරි අසරණ රෝගියෙක් ආවොත් උදව්කරන්න අවස්ථාවක් සොයා ගැනීමේ අරමුණත් ඇතිවයි. ඇතැම් දිනවල රෝගීන් රාත්‍රී කාලය වනතෙක් බැලුවත් ඔහු ඉතිරි කර ගන්නේ කාර් එකට තෙල් වලට ගිය වියදම පමණි. ඒ හැම අවස්ථාවක මුදල් හම්බ නොකරත් ආයතනයෙන් ඔහු පිට වී යන්නේ ගොඩක් මිනිස්සු හම්බකරගෙනයි.
තම රැකියාවෙන් හම්බකරන මුදල් වලින් කොටසක් සෑම විටම දුප්පත් පවුල් වලට, දක්ෂ පාසල් සිසුන්ට මාසිකව නොකඩවා ලබාදීමට වැය කරන ඩොක්ටර් සමීර අම්පාරට ඉතාමත් ආදරය කරයි. සමහරවිට ඉපදුනු කොලඹට වඩා යාලුවො දැන් ඔහු අම්පාරේ හම්බකරගෙන ඇත. නිරන්තරයෙන් අම්පාරේ සිටින රජයේ ප්‍රධානීන් සියලු දෙනාම තමන්ගේම පවුලේ කෙනෙකුට මෙන් සමීර ඩොක්ටර්ට ආදරය කරයි. තමන් ආදරෙන් සේවාව ලබාදුන් අම්පාර මහ රෝහලට ඊයේ ඔහු ආයුබෝවන් කිව්වා. රෝගීන්ට වගේම තමන්ගේම සහෝදරයෙකු වගේ හිතවත්ව උදව්කල අම්පාර මහ රෝහලේ සියලුම කාර්ය මණ්ඩලයට එය දරාගත නොහැකි පාඩුවක් වුනා. මේ වසර 5 ආසන්න කාලයේ හෑමෝටම හයියක් වූ ඩොක්ටර් සමීර අද ඉදන් අලුත් තැනක. අක්කරපත්තුව රෝහලේත් මේ වගේම සිංහල, මුස්ලිම් සහ දෙමළ සහෝදර පිරිසක් හා ලෙන්ගතුව කටයුතු කරනු ඈත.
වෛද්‍ය වෘත්තීයට එහා ගිය මනුෂත්වයක් පිහිටන චරිත අපට මේ සමාජයේ හමු වන්නේ අතලොස්සකි. ඒ අතරිනුත් වෛද්‍ය සමීර අමරසිංහ කියන්නේ කාටවත් සමකල නොහැකි මට්ටමේ ආදර්ශමත් චරිතයකි. ඔබ වැනි පුතුන් බිහිකල දෙමාපියන්ට මේ රටම ණය ගැතියි.
උපුටා ගැනීම
Daminda Ubayarathna
No comments:
Post a Comment