පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය පළමු ජන රැලිය කුරුණෑගලදී අමතමින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.
බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා සමගි ජන බලවේගයේ මංගල රැළිය පවත්වන්නේ කුරුණෑගල නගරය තෝරා ගත්තේ ඇයි කියලා? මම මතක් කරන්න කැමතියි මේ රටේ උදා ගම් ව්‍යාපාරය නිවාස ලක්ෂය දසලක්ෂය පහලොස්ලක්ෂය ජගත් නිවාස වැඩසටහන වැනි හැම දෙයක්ම එදා රණසිංහ ප්‍රේමදාස මහත්තයා අරම්භ කළේ මේ ඓතිහාසික කුරුණැගල
දිස්ත්‍රික්කයෙන්. කුරුණැගල දිස්ත්‍රික්කයේ ආරම්භ කළ ඒ නිවාස වැඩසටහන අතිසාර්ථකව එතුමා ක්‍රියාත්මක කළා. ඒ නිසා මම විශ්වාස කරනවා කුරුණැගල දිස්ත්‍රික්කයෙන් රණසිංහ ප්‍රේමදාස ප්‍රතිපත්ති රජකරවන කුරුණැගල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේග ගමන අපේ මේ ගමන පොදු ජනතාවගේ ගමන පොඩි මිනිහාගේ ගමන ලංකාවාදී ලක්ෂ 220ම දිනවන ගමනක් ලෙස අවසන්ව මුළු රටම දිනවනවා කියාලා කියන්න කැමැතියි.
බොහෝ දෙනා පුන පුනා බලාපොරොත්තු වෙලා ඉන්නවා කොහොමද අපි මේ මර උගුලෙන් ගොඩ එන්නේ කොහොමද අපි මේ බංකොලොත් රට පොහොසත් රටක් බවට පත් කරන්නේ කියලා. ආදරණීය මිත්‍රවරුනි අපි හැමෝම දන්නවා 1920 දශකයෛ් 1930 දශකයේ ලෝකයේ ආර්ථික අවපාතයක් තිබුණා. ද ග්‍රේට් වර්ඩ් ඩිප්රෙෂන් කියලා ඒකට කිව්වේ. එයින් එක රටක විතරක් නෙමෙයා බොහෝ රටවල් බංකොලොත්වෙලා කඩා වැටුනත් ඒ රටවල් ගොඩ ආවා. ඒ ආර්ථිකය වර්ධනය කරලා උත්තේජක දීලා විශාල කරලා ශක්තිමත් කරලා ආයෝජන වැඩි කරල අපනයන වැඩි කරලා රටවල් ගොඩ නැගුවා. ධන ශක්තිය මූල්‍ය ශක්තිය ශක්තිමත් කලා. ඒ නිසා මේ මාතෘභූමියේ ජනතාවට කියන්න කැමතියි ලෝක ආර්ථිකය අවපාතයට යද්දි ප්රෑන්ක්ලීන් ඩෙලානෝ රූස්වෙල්ට් ජනාධිපතිවරයා නිව් ඩීල් වැඩසටහන යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයට නව වැඩපිළිවෙළක් නව බලාපොරොත්තුවක් ක්‍රියාත්මක කළා. අපිත් මිත්‍රවරුනි සමාජ ප්රජාතන්ත්රවාදය කේන්ද්‍ර කර ගත් මේ රට් සියලුම ජනයාට භුක්ති විදිය හැකි ආර්ථීක වර්ධනයක් ආර්ථික සෞභෘග්යයක් බිහි කිරීමේ ප්‍රධාන වෙඩිමුරය පළාත් පාලන මැතිවරණ ජයග්‍රහනයත් සමඟ ක්‍රියාත්මක කරනවා කියලා කියන්න කැමතියි.
මිත්‍රවරුනි
කොහොමද අපි ආර්ථීකය ශක්තිමත් කරන්නේ? ඒ ආර්ථිකය ශක්තිමත් කිරීමට නව ආයෝජකයෝ ලබා ගත යුතු යි. ලෝකයේ තිබෙනවා ෆෝචූන් ෆයුහන්ඩර්න්ඩ් කම්පැනීස්. ධනවත් පුද්ගලයන් ධනයත් ආයතන අපි අපේ මාතෘභූමිය ආයෝජන පාරාදීසයක් බවට පත් කරන්න ඕන. ඒක කරන්න පුළුවන්. දෙපැත්ත පත්තුවෙල විලක්කුවක් තිබිය දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇගලුම් කම්මල් 200 වැඩපිළිවෙළ ආරම්භ කළා. මෙවර පළාත් පාලන මැතිවරණය දිනලා ඉන්පසුව එන මහමැතිවරණය සහ ජනාධිපතිවරණය දිනලා අනිවාර්යෙන්ම අපේ මාතෘභූමිය මහපොළොවේ ඩිජිටල් විප්ලවයටකට යොමු කරවා ඩිජිටල් ආර්ථිකයක් තුළින් අපේ මාතෘභූමිය සෞභාග්‍යසම්පන්න කරලා මේ රටේ විහිදිලා තිබෙන දුප්පත් කම තුරන් කරන්නට අපි ඇපකැපවෙනවා මිත්‍රවරුනි.
හිතාදර මිත්‍රවරුනි
ඇත්තවශයෙන්ම රට ගොඩගන්නට නම් අපි අලුත් මාවතට ප්‍රවේශ විය යුතු යි. අලුත් ගමනක් අලුත් දර්ශනයක් පිළිපැදිය යුතුයි. අලුත් කණ්ඩයමක් ශක්තිමත් නායකත්වයක් ඕන. කතා කරනවා වගේම වැඩ වැඩ කරනවා වගේම පසු විපරමක් සිදු කරන්නත් ඕන. ඒ වගේම වැරදි හදාගන්නත් ඕන. මේ ක්‍රමවේදය තුළ අපිට හොද ගමනක් යන්න හැකියා.
ආරම්භයේ දීම කියන්න කැමතියි අපි අලුත් සංස්කෘතියක් පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරන්න කැමැතියි. අපි හැම පළාත් පාලන මන්ත්‍රිවරයකුටම මන්ත්රිවරියකුටම චර්යාධර්ම පද්ධතියක් සකස් කරනවා. නීතිරීති මාලාවක්, ආචාරධර්ම පද්ධතියක් රෙගුලාසි මාලාවක් ඇති කරනවා. මෙන්න අපි ඉදිරිපත් කරන ඒ ආචාර ධර්ම මාලාව (එම ආචාරධර්ම මාලාව පෙන්වයි)
මෙහි අඩංගු වෙලා තියෙන්නේ මින් ඉදිරියට පළාත්පාලන මන්ත්‍රීවරුන් සභාපති හා උපසභාපති කොන්ත්‍රාත් කළ කාලය ඉවරයි. කොන්ත්‍රාත් තහනම්, ඩීල් දාලා ඉවරයි. පාරට තාර දැමීමේ කොන්ත්‍රාත් පස් කොන්ත්‍රාත් වැලි ගොඩදැමීමේ කොන්ත්‍රාත් අවසන්. මින් ඉදිරියට එකඑක්කෙනා තමතමන්ගේ පුද්ගලික වාසි තකා ඩීල් ගහපු පොලිටිකල් ඩීල් සංස්කෘතිය අවසන් කරනවා කියලා කියන්න කැමැතියි.
මිත්‍රවරුනි
ඒක අපිට කරන්න පුළුවන්. මේ තමයි පළමුවැනි වතාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පළාත් පාලන ආයතන සඳහා බිහි වන්නේ. ඉතිහාසය පුරාවට එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රීලංනිප, පොදුජන පෙරමුණේ ජවිපේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු හැම පක්ෂයටම නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්රීවවරු හිටියා. ඒත් සමගි ජන බලවේගයට හිටියේ නැ. මේ අපේ මංගල අවස්ථාව. මේ පළමුවැනි වතාවට අවුරුදු 3ක් වයසැති අලුත් පක්ෂය අලුත් ගමන අලුත් නායකත්වය, අලුත් දර්ශනය හා වැඩපිළිවෙළ ජනතාවට ඉදිපරිත් කරනවා. ඒ නිස මම හිතනවා කවුරුත් අමනාප නොවේ කියලා. අපි බිහි කරන සභා නොනිදන සභා බවට පත් කරනවා. ප්‍රාදේශීය සභා නගර සභා ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කරලා සභා රැස්වීම නොපවතින දිනවල සභාපති උපසභාපති මන්ත්‍රීවරැ මන්ත්‍රීවරියන් ගමේ නගරයේ කුඩා ගම්මානයේ ග්‍රාම සේවා වසමේ ජංගම සේවා හරහා ජනතා ප්‍රශ්න විසදීමෙන්.
ඒ වගේම අපි බිහි කරන පළාත් පාලන ආයතන ස්මාර්ට් කවුන්සීල් හෙවත් සුහුරු සභා බවට පත් කරනවා. පුනර්ජනනීය බල ශක්තිය සූරිය බල ශක්තිය සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ දියත් කරන කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා. සභා බල ප්‍රදේශවල නිවෙස්වල වහල උපයෝගී කර ගෙන සුරිය බල ශක්තිය හරහා ඔබ නිවාසේ විදුලි පාරිභෝජනයට අවැසි ශක්තිය ලබා දීලා අතිරික්තය විදුලි බල මණ්ඩලයට අලෙවි කර විදුලිය පමණක් නොව ආලෝකය පමණක් නොව බලශක්තියය පමණක් නොව ආදායම් මාර්ගයකුත් ඇති කරනවා.
සෑම පළාත් පාලන ආයතනයක් ම තරුණ සංවර්ධන මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. සෑම පළාත් පලාන ආයතනයකම තොරතුරු තාක්ෂණ දැනුම පරිගණ දැනුම නව තාක්ෂණය ලබා දෙන ඒකකයක් හැම පළාත් සභාවකම ක්‍රියාත්මක කරලා ගමේ ප්‍රාදේශීය සභාව නගර සභාව මේ රටේ තාරුණ්‍යයේ සංවර්ධනයේ සභාව බවට පත් කරනවා.
ආදරණීය මිත්‍රවරුනි
සෑම ප්‍රාදේශීය සභා නගර සභා බල ප්‍රදේශයකම තරුණ තරුණියන්ගෙන් සමන්විත උපදේශක සභා බිහි කර සභාපතිට උපසභාපතිට මන්ත්‍රීවරුන්ට අවැසි ආකාරයට තමතමන්ගේ තනි කැමැත්තට වැඩ කරපු යුගය අවසන් කරලා සෑම සභාවකම වැඩ කටයුතු අධීක්ෂණය කිරීමට අරගලයේ ඉල්ලීමක් වන මේ රටේ තාරු්යයය උපයෝගී කර ගෙන සෑම පළාත් පාලන ආයතනයකම තරුණ උපදේශක සභාවත් ඇති කරලා ඒ තුළින් සභාවේ වැඩ කටයුතු නිරීක්ෂණය කරන්නට අධීක්ෂණය සහ පරීක්ෂා කරන්න අවැසි බලය මේ රටේ තාරුණ්‍යයට ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ කියනවා.
හිතාදර මිත්රවරිනි
සමහරෙක් අහනවා ජනාධිපති අගමැති ආණ්ඩු හෝ පළාත් සභා බලයක් නොමැතිව යම් හෙයකින් සමගි ජන බලවේගයට බලයක් ලැබුණෙත් අපේ සභා කර ගෙන යන්න හැකි වේද කියා අහනවා. මන් තමුන්නාන්සේලාට කියනවා එකක් මතක තියා ගන්න. 74වසරක මේ රටේ ප්රජාතන්ත්රවාදී ඉතිහාසය තුළ මේ රටේ වැඩක් කරපු සේවය කරපු සංවර්ධනයක් කරපු සහනයක් ලබා දුන් එකම දේශපාලන බලවේගය සමගි ජන බලවේගය යි. ඒ නිසා අපි අලුත් සංකල්ප 2ක් හරහා අපි බලාපොරොත්තු වෙනවා සභාවලට මුදල් ලබා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඉන් එකක් තමයි ජාත්‍යන්තරයේ ධනවත් රටවල ඇති පළාත් පාලන ආයතන සමග සහෝදරත්ව මිත්‍රත්ව සංකල්පය ක්‍රියාත්මක කරනවා. ඒකට කියන්න සිස්ටසිටි බ්‍රදර් රිලේෂන් ෂිප් කියලා. 1993 වසරේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඒක ආරම්භ කළා. මොකද්ද ඒකේ තේරුම. රටේ තියෙන පළාත් පාලන ආයතන 341ම අපි බද්ද කරනවා ධනවත් රටවල පළාත් පාලන ආයතන 341ත් සමග. මම සතුටින් තමුන්නාන්සේලාට කියන්න කැමතියි මේ වන විට ඒ වැඩේ දැනටමත් පටන් අරගෙන කියලා. ඒ හරහා පොහොසත් රටවල පළාත් පාලන ආයතන සමග ඇති කරගන්නා මිත්‍රත්ව සංවිධානය තුල අපේ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය සම්පත් ආදායම් ධනය ලබා ගන්න පුළුවන්. ඒ වගේම සෑම පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් ම වෙනමම සත්කාරක කණ්ඩායමක් ඇති කරන්නත් අපේක්ෂා කරනවා. කුරුණැගල නගර සභාවට ප්‍රදේශිය සභාවද සුළු නගර සභාවද හැම පළාත් පාලන අයාතනයකටම ඒ වෙනුවෙන් කැපවුණු කැපකරු ක්‍රමයක් ආරම්බ කර මේ රට සහ පිටරටවල ධනවතුන් සම්බන්ධ කර ගෙන මේ වන විට හුස්ම වැඩසටහන කරන්නේ කොහොමද සක්වල වැඩසටහන කරන්නේ කොහොමද බස් රථ බෙදලා දෙන්නේ තොරතුරු තාක්ෂණ වැඩසටහන් කරන්නේ කොමාද කියලා පෙන්වල තියෙන්නවා. එ සුලු කොටසක් විතරයි. ඔබලා පළාත් පාලන ආයතනවල බලය අප වෙත ලබා දෙන කොට මම පොරොන්දු වෙනවා අපේ රට අනිවාර්යෙන්ම සීඝ්‍ර සංවර්ධනයක් බවට පත් කිරීමේ වගකීම පළාත් පාලන ආයතන කේන්ද්‍ර කර ගෙන බිම් මට්ටමේ ජනතා කේන්ද්‍ර කර ගෙන අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
හිතාදර මිත්රවරිනි සමහර තැන්වලින් අපිට අහන්න ලැබෙනවා සමහර තැන්වල පුද්ගලයන් කිහිප දෙනෙකු අපිට කියනවා මේ අහුමුලු වල සමහර කඩමන්ඩිවල කතාවක් යනවලු 74 අවුරුද්දක් උනුත් එකයි මුනුත් එකයි කියලා. උනුත් එකයි මුනුත් එකයි කියලා මේ මම හදුන්වන ප්‍රභූ පැළැන්තියේ සමාජවාදී රතුමල්ලිලා කියනවා ඒ අය උනුත් නෙමෙයි මුනුත් නෙමෙයි ඒ අය වෙනස්ලු. එයාලා අලුත් ලු. මම කැමතියි ඒ කතාව ටිකක් නිවැරදි කරන්න.
මිත්‍රවරුනි
මම ඔබලාට කියන්න කැමතියි මේ වසර දිනය මේ මාසය හොදින් මතක තියා ගන්න. කඩ මන්ඩිවලට ඇවිත් උනුත් එකයි මුනුත් එකයි කියනකොට ඒ අයගෙන් මේක අහන්න. වසර 2004. ජනාධිපතිතුමිය චන්චද්රිකා බණ්ඩාරනායක. මාසය අප්‍රේල්. දිනය 28. උදේ 9.30ට සුබ හෝරාවෙන් සුබ දිසාවෙන් පක්ෂිය රජ කරලා කවුද මිත්‍රවරුනි කුෂිකර්ම ඉඩම් වාරිමාර්ග ඇමති වුණේ. කවුද ඒ. ඒ අනුර කුමාර දිසානායක. ඕන්න එයාලගේ අලුත්කම. සංස්කෘතික ඇමති කවුද? විජිත හේරත්. ග්රාමීයඅ ාර්ථික ඇමති කවුද ? ලාල්කාන්ත. ධීවර ඇමති චන්ද්‍රසේන විජේසිංහ. දැන් හරියට කියනවා නම් කඩමන්ඩිවල කියන්න ඕන උනුත් එකයි මුනුත් එකයි ඒක කියන අපිත් එකයි කියලයි කියන්න ඕන. ඇමතිකම්වලින් නතර වුණේ නැහැ. ඊට අමතරව නියෝජ්‍ය ඇමතිවරුත් පත් තළා. ඒ 2004 අප්‍රේල් 28 සුබ හෝරාවෙන් පක්ෂියා රජ කරලා. කවුද ඒ? බිමල් රත්නායක, සමන්ත විද්‍යාරත්න, සුනිල් හදුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති. එහෙම කියලා මේ අය කියනවා ඒගොල්ලා අලුත්ලු. මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි ඒ අය රට කාපු රට විනාස කරපු රට ගිනිබත් කරපු මිනිමරුපු මංකොල්ල කාරයෝ. ඒක තමයි තිත්ත ඇත්ත. හැබැයි සමගි ජන බලවේගයේ අපි බොහොම ආඩම්බරයි. අපි කවදාවත් රාජපක්ෂලාට කත් ඇද්දේ නැහැ. කැන්නසින් ගියේ නැහැ. අපි සුපිරිසිදුයි. පිළිගන්න රට කෑවේ රාජපක්රැෂලා කියලා. පිළිගන්නවා නේද? එහෙනම් රට කෑව රාජපක්ෂලා වෙනුවෙන් 2005 ගෙන් ගෙන ගියේ කවුද මිත්‍රවරුනි. කවුද පෝස්ටර් ගැහුවේ පෙළපාලි ගියේ. එදා කිව්වා රාජපක්ෂලා තරම් උතුම් පාලන තන්ත්රයක් මේ රටේ බිහි වෙන්නේ නැහැ කිව්වා. රට කෑව රට විනාශ කළ රට බංකොලොත් කළ රාජපක්ෂලාට පළමු ගැම්ම දුන්නේ ඔය රතු මල්ලිලා 2005 දී. අමතක කරන්න එපා මිත්‍රවරුනි
මිත්‍රවරුනි
අපි විපක්ෂයක් ලෙස අපි මේ රටේ 74 වසරක් හැමදාම කරපු දේ කරන්නේ නැහැ. මොනවාද හැමදාම විපක්ෂය කලේ. පාදයාත්‍රා යෑම පෙළපාලි යෑම රැස්වීම් තිබීම විතරයි. ඒ ආණ්ඩු බලය ලබා ගන්නයි. කවාදවත් සේවයක් කරන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ ජනතාවගෙන් ලැබෙන සෘජු බදු වක්‍ර බදු ආදායම රාජ්‍ය ආදායම ලෙස ගන ජනතාවට බෙදල දෙන එකයි. ඒකයි හැම ආණ්ඩුවක්ම කලේ. මිත්‍රවරුනි සමගි ජන බලවේගයට අවුරුදු 3යි. අපි බිහි වුණේ 2020 පෙබරවාරියේ. අපි විපක්ෂයේ දේශපාලනය කරනවා. රජය බලයක් කරනකොට රජය විවේචනය වගේම හොද දේට හොදයි කියනවා. ඒ දෙ කරන කාලයේ මේ රටෙ පොලොවට පය ගහලා ජීවත් වෙන ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් සේවයක් කරනවා.
මේ මොහොතවන විට කාන්නන්ගර ශ්‍රීමතානන්ගේ නිදහස් අධ්‍යාපන සංකල්ලය ශක්තිමත් කිරීම උදෙසා රජයේ පාසල් 70කට ලක්ෂ 3442ක් වටිනා බස් රථ දුන්නා. මිලියන 344.2ක් මිත්‍රවරුනි. නිකවැරටියට ගල්ගමුවට ගිරිබාවට මහවට පොල්පිතිගමට දුන්නා. 9 වැනිදා දිනුවට පස්සේ කුරුණැගල දිස්ත්‍රික්කයේ හැම ආයනයකම පාසල්වලට බස් රථ දෙනවා මිත්‍රවරුනි.
ඉතින් මිත්‍රවරුනි
අපි හැමෝම දන්නවා අපේ රට දැන් හැමඅතකින්ම විකෘතිවෙලා. පාසල් බස් රථයක් දෙනකොටස් සමාජ මාධ්‍ය වල හා හා කියන යුගයක් විහිළු කරන යුගයක් තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි මේ බස් රථ දෙන එකේ වැදගත්කම. මම පහුගිය දවසක තඹුත්තේගම ජාතික පාසලට බස් රථයක් දුන්නා. බස් රථය ලබා දෙන්නට දින කිහිපයකට පෙර මට දැන ගන්නට ලැබුණා තඹුත්තේගම ජාතික පාසලේ ආදි ශිෂයෙන් බව අනුර කුමාර සහ වසන්ත සමරසිංහ බව. ඒක වරදක් නෙමෙයි. ඒ අය ආදි සිසුන්. මම මේ කියන දේ අවබෝධ කර ගන්න. තඹුත්තේගම ජාතික පාසලට ලක්ෂ 50ක බස් රථයක් දුන්නා. වැදගත්ම කාරණාව තමයි 2022 වසරේ ගිය අවුරුද්දේ දූ දරුවන්ගේ අධ්‍යාපන චාරිකා ඇතුළු තරගාවලිවලට බස් රථ වලට ගෙවන්න අම්මල තාත්තලාගෙන් ලක්ෂ 32ක් එකතු කර තිබෙනවා. ඒ2022 දී. මහව ජාතික පාසල 2022 වසරට අම්මලා තාත්තලගෙන් බස් රථ කුලිය ගෙවන්න ලක්ෂ 25ක් එකතු කරලා. පොල්පිතිගම විදයාලය 2022 වසරේ දෙමාපියන්ගෙන් ලක්ෂ 20ක් එකතු කරලා. ඉතින් මිතුරනි හිතාගන්න. බස් රථ බෙදන එක හොද නැහැ. හැබැයි දේශපාලනඤයෝ ඡන්ද කාලේ බස් රථවල රතුපාට ස්ටිකර් ගහලා රට වටේ ගිහින් ඡන්දේ ඉල්ලන්න හොදයි. හැබැයි පාසල්වලට බෙදන එක හොද නැහැ.
මේ රටේ රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ දුන්නා. කෝවිඩ් සමයේ කුරුණැගල ජාතික රෝහලේ උපකරණ හිගයක් තිබෙන කොට දශලක්ෂ ගණනින් උපකරණ පරිත්‍යාග කළේ සමගි ජන බලවේගයේ හුස්ම වැඩසටහනින්. රජයේ පාස්ල 22කට ලක්ෂ 178 වටිනා තොරතුරු තාක්ෂණ උපකරණ පරිගනක යන්ත්‍ර සුහුරු පුවරු ප්‍රින්ටර්ස් ුදුන්නා. සක්වල හුස්ම වැඩසටහන් කරන්නේ රටේ ජනාධිපති අගමැති ඇමැති වෙලා නෙවෙයි. විපක්ෂ නායකයා හැටියටයි. මමයි මගේ සහෝදර විපක්ෂ මන්ත්‍රීවරුයි සංවිධායකවරුන් ඔබලාගේ හයියෙන් තමයි ඒවා කරන්නේ. ඒ නිසා මිත්‍රවරුනි ප්‍රේමදාසලාට වැඩක් කරන්න මුදල් හොයන හැටි කියා දෙන්න එපා. ඒ නිසා ලබන 9 බිම්මටමේ පළාත් පාලන බලය ලබා දෙනකොට ළගදි එන මහමැතිවරණයේ රාජ්‍ය බලය ලබා ගෙන ජනතා ආශිර්වාදයෙන් ජනාධිපතිවෙන කොට බයවෙන්න එපා මේ රටේ සියලුම දෙන් ඒකරාශී කර ලෝකයේ ධනවත්ම රටවල් එක්ක හරිහරියට ඉදගෙන හරි හරියට කතා කරලා අපේ රටට අවැසි ශක්තිය ලබා ගන්නවා.
මිත්‍රවරුනි
මම දැක්කා පහුගිය දවසක රතු කණ්ඩායමේ නායකයා කියනවා හොරු අල්ලන්න දන්නවා කියලා. මම කියනවා කිසිම වාද විවාදයකින් තොරව මේ රටේ හොරු අල්නවා විතරක් නෙවෙයි මේ රටේ කුඩු කාරයෝ අල්ලා මේ රටේ දරු සම්පත විනාස කරන කුඩු කාරයො විනාස කරන්නත් හොරු අල්ලල හොරා කාපු මුදල් මේ රටට ගෙන එන්නට මේ වගකීම බාර දෙන්නේ සරත් ෆොන්සේකා මැතිතුමාටයි මිත්‍රවරුනි.
මිත්‍රවරුනි
එතුමාට ඒ කාරයයභාරය කරන්න තනියම අමාරුයි. රටේ නීති පද්ධතිය ශක්තිමත් කරන්න ඕන. මං කියන්නම් හොරු අල්ලන ක්‍රමය. අපි අනාවාර්යෙන්ම ඇසට් රිකවරි බිල් එකක් සම්මත කරනවා. ඒ කියන්නේ අහිමි වුණු සම්පත් නැවත ලබා ගැනීමේ පනතක්. ඒ පනත මඟින් ස්ථාපිත කරනවා ඇසට් රිකවර් මැනේජ්මන්ටට් අතෝරිටි එකක් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි මේ විෂය පිළිබද උනනුද්වත් දක්වක් හොරු අල්ලන් කැමති විශේඥයෝ නීතිඥයො ්පක්ෂ භේදයෙන් තොරව එකතු කර ගෙන මේ රටට අහිමි වුණු මහා ධන සම්පත ලබා ගන්නවා අපි. නිකං හෛාරු අල්ලනවා කිව්වට වැඩක් නැ වැඩපිළිවෙළක් තියෙන්න ඕන. අපි කවදාවත් මේ රට බංකොලොත් කළ රාජපක්ෂ හොරු වෙන්වෙන් කැන්වසින් ගියේ නෑ මිතුරනි.
හිතාදර මිත්‍රවරුනි
මේ මොහොත වන විට පාස්කු ප්‍රහාරය නිසා ජීවිත අහිමි වුණ ශාරීරික හානි සිදු වුණා පවුල් පිටින් නැති වුණු අපේ ආදරණිය සහෝදර ජනතාව නිතිය ක්‍රියාත්මක වෙනතුරු බලන් ඉන්නවා. යුක්තිය සාධාරණත්ව ක්‍රියාත්මක වන තුර බලන් ඉන්නවා. මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි පහුගිය දිනක සිවිල් තීන්දුවක් ලබා දුන්නා විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතකු පාලන තන්ත්රයේ පුද්ගලයන් කිහිප දෙනකුට. අපි කියනවා සිවිල් නීතිය පමණක් නොව සාපරාධි නීතියත් ක්‍රියාත්මක කල යුතු යි. ඒ සදහා සමගි ජන බලවේගය නීති කණ්ඩාම ඉදිරි දින කිහිපයේ පියවර ගන්නා බව කියනවා. ඒ විතරක් නෙමෙයි පාස්කු ප්‍රහාරට සෘජුව හෝ වක්රම සම්බන්ධ ඒ අයගේ පාලන කාලය තුළ නොසැලකිලිමත්කම නිසා හෝ සෘජුව හෝ වක්‍රව මෙයට සම්බන්ධ අය සමඟ සමගි ජන බලවේගය එකතු වෙන්නේ නැහැ.
ආදරණිය මිත්‍රවරුනි
අපි මේ රටේ අයිතිකාරයේ නෙවෙයි. අපි ජනතාව පත් කරන තාවකාලික බාරකරුවන්. තාවකාලික බාරකරුවන් ලෙස අපි පොරොන්දු වෙනවා මේ රටට අලුත් යුගයක් අපි නිර්මාණය කරමු. දසදහස් ගණනින් බුද්ධි ගලනය වෙනවා. මෙවන් මොහොතක ඔබලාට කියන්න කැමතියි මේ රට ගොඩ ගැනීමේ හැරවුම් ලක්ෂය පළාත් පාලන ආයතන මැතිවරණයයි. මම කැමතියි තමුන්නාන්සේලාට මැතිවරණ ගැන කියන්න. අද නම් රතු මල්ලිලා මැතිවරණය තියන්න කිව්වට මට මතකයි අපිත් පළමු වෙඩි මුරය පත්තු කලා ගෝඨාභය රාජපක්ෂ එලවන්න. සමගි ජන බලවේගය තමයි මුල්ම වතාවට පාගමනින් ගිහින් ජනාධිපති ලේකම් කාර්යාලයට මේ අරගලය ඇති කළේ. එදා මම රටට ඡන්දයක් ඕන කියනකොට ප්රවෘත්ති සාකච්ඡාවක රතු සහෝදරයන්ගේ නායකයාගෙන් අහන කොට එයා කියනවා සජිත්ගේ මොලේ පරීක්ෂා කරන්නලු. ඡන්දයක් ඕන කියද්දි මගේ මොලේ පරීක්ෂා කරන්න කියපු අය අද කියනවා ඡන්දයක් ඕන කියලා.
අදාරණිය මිත්‍රවරුනි
අපි කියපු හැමදේම හරි ගියා. කොවිඩ්වලට මුහුණු ආවරණ ලබා දෙන්න කියපු එකේ සිට රටට විදේශිකයේ එන්න පරීක්ෂා කරන්න කියපු එක පැණිය දෙන්න කලින් එන්නත දෙන්න කියපු එකේ ඉදන් ඇති කතා කලා. ඒ හැම වෙලාවෙම උසුළු විසුලු කලා. ඒ විහිලුව රට බංකොලොත් කලා. ඒ නිසා මිත්රවරැනි තවදුරටත් රැවටෙන්න එපා. 2019 බහුතරයක් රැවටුනා. 69 ලක්ෂයක් වෙන දිශාවක් තෝරා ගත්තා. ඒ අදාරණිය 69 ලක්ෂයට 56 ලක්ෂය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස කියනාව අපි එක්ක අත්වැල බැදගන්න එක අම්මගේ සහෝදර සහෝදරිය වගේ එකතු වෙලා මේ රට ගොඩගමු.
හිතාදර මිත්‍රවරුනි
අවසාන වශයෙන් අපේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට කියන්න කැමතියි. අද තියෙනවා ලෝකයේ කොරියානු රටවල් දෙකක්. එකක් උතුරු කෙරියාව අනික දකුණු කොරියාව. දකුණු කොරියාව වෙළෙදපොළ සමාජ ප්රජාතන්ත්රවාදී ආර්ථිකය තුළ නව තාක්ෂණයෙන් සවිබල ගැන්විලා ඉදිරියට යන ශක්ති සම්පන්න රටක්. නූතනවාදීත්වයට මුල් තැන දෙන රටක්. නමුත් උතුරු කොරියාව ආඥදායක ඒකාධිපති රටක්. තමන්ගේම රටෙ මිනිස්සු මරන මිනිස්සු විනාශ කරන රටක්. ලක්ෂ 220ක් වූ මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව ඉදිරියට යා යුත්තේ උතුරු කොරියාව යන විදිහටද දකුණු කොරියාව යන විදිහට ද කියලා.
මිත්‍රවරුනි
මම පොරොන්දු වෙනවා අපේ රජයයක් තුළ ඩිජිටල් තාක්ෂණය ආටිෆිෂල් ඉන්ටේරලිජන්ට් ඔක්මන්ටඩ් රියැලටි බිග් ඩේටා වැනි නව සංක්ලප හරහා නූතනවාදී දියුණු ශක්තිමත් දුප්පත් කම තුරන් කළ කුඩා මධ්‍ය හා මහා පරිමාණයේ කරුුමාන්තකරාවා ඇතුළු සෑම සියලු දෙනාම එක්ක මුළු ජන සමාජයම ගොඩගන්න ඔබ අප සියලු දෙනාම එකට එකතු වී සමගි ජන බලවේග රජයක් බිහි කිරීමෙ ලොකුම වෙඩි මුරය පළාත් පාලන මැතිවරණය ජය ග්රහනය තුළින් සාක්ෂාත් කරන්න කියා ඉල්ලීමක් කරනවා.
No comments:
Post a Comment