Wednesday, October 1, 2025

ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිඵල නොලැබේ: 12/2016 චක්‍රලේඛය, නව නීතිකරණය, සහ පාසල් විනයේ ධනාත්මක මාර්ගය


 ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිඵල නොලැබේ: 12/2016 චක්‍රලේඛය, නව නීතිකරණය, සහ පාසල් විනයේ ධනාත්මක මාර්ගය

​1) පුරෝකථනය: දැන් අපි කොහෙද ඉන්නේ?

​අපගේ දේශපාලන, රාජ්‍ය පරිපාලන, සහ පවුල්-සමාජ පද්ධති තුළ වසර ගණනාවක් පුරා බලය සහ ප්‍රචණ්ඩත්වය ගැටලු විසඳීමේ ප්‍රධාන මෙවලම ලෙස පැවතුණි. මෙම සංස්කෘතියේ අඳුරු සෙවණැල්ල නොදැනුවත්වම පාසල් පන්ති කාමරයට ද ව්‍යාප්ත විය. දරුවාගේ මනස, පෞද්ගලික ගෞරවය සහ විවිධාකාර හැකියාවන් නොසලකා, හුදු කීකරුකම බලහත්කාරයෙන් ලබා ගැනීමේ "ආඬුමගෙ රෙසිපි" අපට හුරුපුරුදු වී තිබුණි. එහෙත්, 2016 සිට ක්‍රියාත්මක 12/2016 චක්‍රලේඛය සහ වර්තමානයේ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු වී ඇති නව නීතිකරණය, මෙම පැරණි සහ අකාර්යක්ෂම පුරුද්දෙන් මිදී අනාගතය දෙසට තබන තීරණාත්මක පියවරයන් වේ.

​මෙම ලිපිය, අප පාසල් සංස්කෘතියේ සැබෑ නායකයන් වන ඔබ, ගුරුවරුන්, වෙනුවෙන්ම ලියැවී ඇත. ප්‍රචණ්ඩත්වයෙන් තොර, ධනාත්මක විනයක් කරා යන ගමනට අවශ්‍ය දාර්ශනික දැක්ම, ක්‍රමවේද, මෙවලම් සහ දිනපතා භාවිත කළ හැකි ප්‍රායෝගික සැලසුම් ලබා දීම මෙහි අරමුණයි.


Tuesday, March 21, 2023

ජනපති පාර්ලිමේන්තුවේ කල සම්පූර්ණ කථාව..


ජනපති පාර්ලිමේන්තුවේ කල සම්පූර්ණ කථාව..
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීර්ණ මුල්‍ය පහසුකම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටිනවා. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා පිලිබඳ ගිවිසුම ද ජනාධිපතිවරයා විසින්

Friday, March 10, 2023

ඔබත් එන්න ලේ බිදක් දන්දෙන්න


🩸🩸🩸ඔබත් එන්න ලේ බිදක් දන්දෙන්න
ලේ බිඳක් දන් දී ජීවිතයකට හුස්මක් වෙන්න..
2023 මාර්තු.17
මාළිගාතැන්න ශ්‍රී සුදර්ශනාරාමයට

Monday, February 27, 2023

අම්පාර පුරා විසිර තිබී ක්‍රමාණුකූලව විනාශයකට යන කතුරුපිල පැලෑටිය.



අතීතයේ පටන් දේශිය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල භාවිතා වූ ඉතා වටිනා අගනා ඖෂධීය පැළෑටියක් ලෙස කතුරුපිල හැඳීන්විය හැකිය. පිල වර්ග රාශියක් දක්නට ලැබෙන අතර දේශීය වෛද්‍යවරුන්ගේ මතයට අනුව එම සෑම වර්ගයකම ඖෂධීය ගුණයේ සැලකිය යුතු වෙනස්කම් නොමැත.

Wednesday, February 8, 2023

නුගේලන්ද පාසලට පරිත්‍යාග අවශ්‍යයි


නුගේලන්ද පාසලට පරිත්‍යාග අවශ්‍යයි මාධ්‍යවේදී වජිර ජයවර්ධන ඊට මැදිහත්වේ.
මේ තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයට නුදුරින් පිහිටා තිබෙන නුගේලන්ද නම් පාසැලයි. ඉහත යුධ සමයේ මායිම් ගම්මානනයක් ලෙස නම්කර තිබූ ගමක පවතින මෙම පාසලෙහි වැඩි වශයෙන්ම දක්නට ලැබෙනුයේ ගොවි පවුල්වල දරුවන්ය. එවිට ඉතිං අමුතුවෙන්ම අටුවා ටීකා කිව යුතු නැත මෙම විදුහලේ දැනට සිටින විදුහල්පතිනිය මගේ සමීපතයකු හෙයින් කෑමට බීමට පවා විදියක් හොයන, අසරණ දෙමාපියන්ගේ

අම්පාර ගුවන් හමුදා භටයින්ගේ දරාගැනීමේ ශක්තිය විහිදුවාලමින් උහන දක්වා පාගමනින්


අම්පාර ගුවන් හමුදා භටයින්ගේ දරාගැනීමේ ශක්තිය විහිදුවාලමින් උහන දක්වා පාගමනින්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව - අම්පාර රෙජිමේන්තු පුහුණු පාසලේ වෘත්තීය පුහුණුව II පාඨමාලාවේ ගුවන් භටයින් පුහුණුවෙන් ලැබූ පන්නරය සහ දරාගැනීමේ ශක්තිය (Endurance March) විදිහා දක්වමින් සිදු කල පා ගමන 2023 පෙබරවාරි 03 වන දින පුහුණු පාසලේ උපදේශකවරුන්ගේ මෙහෙයවීමෙන්  පවත්වන ලදී. 

Monday, February 6, 2023

බඹර ප්‍රහාරයකට ලක්ව 12 හැවිරිදි කුඩා දරුවෙක් මිය යයි


බඹර ප්‍රහාරයකට ලක්ව 12 හැවිරිදි කුඩා දරුවෙක් මියගිය පුවත අම්පාර,උහන, කුමාරිගමින් වාර්තා වෙයි.

ඊයේ (02) දහවල් කාලයේ උහන, කුමාරිගම ප්‍රදේශයේ ගසක තිබූ බඹර කූඩුවක් උකුස්සන් විසින් කඩා දැමීමත් සමඟ ඇවිස්සුනු බඹරුන් උකුස්සා ලුහුබැදි පාරේ, මෙම දරුවා සිටි නිසා බඹර ප්‍රහාරයට මේ දරුවා ලක්වී ඇත, ඇගම වසා සිටි බඹරුන්ගෙන් බේරීමට දරුවා වතුරට වැටී පසු සිහිමුර්ජා වී තිබේ.

රුසියාව බරපතල ප්‍රකාශයක


වසර 80 කට පසුත් ඉතිහාසය යළි ලියවෙමින් ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ස්ටෑලින්ග්‍රෑඩ් සටනේ 80 වන සැමරුමට එක්වෙමින් මොස්කව් නුවරදී රුසියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බවයි.

දෙවන ලෝක යුද්ධයේදී ප්‍රධාන සංධිස්ථානයක් වූ ස්ටෑලින්ග්‍රෑඩ් සටනේදී ජර්මානු නාසි හමුදාව රුසියාව සමග අසාර්ථක සටනක නිරත වුණා. එය සැලකෙන්නේ දෙවන ලෝක යුද්ධයේ සිදු වූ මාරාන්තික සටනක් ලෙසයි.

රසායනික පොහොරෙන් නිසරු වූ බිමට ‘බයෝ ෆිල්ම්’ සාර්ථක විසඳුමක් මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න


රසායනික පොහොරෙන් නිසරු වූ බිමට ‘බයෝ ෆිල්ම්’ සාර්ථක විසඳුමක් මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න
රසායනික පොහොර වගා බිම්වලට යෙදීමේ ප්‍රතිශතය සියයට තිහකින් පමණ අඩු කොට වී වගා බිම්වල ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි ජෛව පොහොර විශේෂයක් ලෙස ‘බයෝ ෆිල්ම්’ මේ දිනවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියද යටතේ ගොවි බිම්වලට යොදා ගනී.

වී වගා බිමක හිතකර ක්‍ෂුද්‍ර ජීවී වර්ධන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවිය හැකි නව ජෛව පොහොර විශේෂයක් වන මෙය මහනුවර හන්තාන මූලික අධ්‍යාපන ආයතනයේ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න හඳුන්වාදී ඇත්තේ මින් වසර කිහිපයකට පමණ පෙරය.

මම කියන දේවලට උසුලු විසුලු නොකලානම් රට බංකොලොත් වෙන්නේ නෑ


පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය පළමු ජන රැලිය කුරුණෑගලදී අමතමින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.
බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා සමගි ජන බලවේගයේ මංගල රැළිය පවත්වන්නේ කුරුණෑගල නගරය තෝරා ගත්තේ ඇයි කියලා? මම මතක් කරන්න කැමතියි මේ රටේ උදා ගම් ව්‍යාපාරය නිවාස ලක්ෂය දසලක්ෂය පහලොස්ලක්ෂය ජගත් නිවාස වැඩසටහන වැනි හැම දෙයක්ම එදා රණසිංහ ප්‍රේමදාස මහත්තයා අරම්භ කළේ මේ ඓතිහාසික කුරුණැගල

උහණ කණිෂ්ඨයට පෑයූ ගුරු තරුව උහන කණිෂ්ටේ ජිනදාස සර්


උහණ කණිෂ්ඨයට පෑයූ ගුරු තරුව
උහන කණිෂ්ටේ ජිනදාස සර්
යුධ සමයේ අම්පාර බොහොමයක් පාසල් වල කටයුතු අඩපන වූ වකවානුවක් විය.  කලක් ගල්ඔය මිටියාවතේ අධ්‍යාපනයේ ඉහලින්ම තිබුනු බොහෝ පාසල් ක්‍රමාණුකූලව පිරිහී ගියේය. නමුත් උහන කණිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය පිරිහී නොගිය අතර, අදටත් එහි වර්ධනයක් පෙන්නුම් කිරීම මෙහි ගොවි ජනතාවගේ වාසනාවක් මෙන්ම අදටත් එහි වගකීම් පැහැර නොහැරිය ගුරු භවතුන්ගේ දක්ෂතාවයකි.

Sunday, January 22, 2023

කොළඹ ටෙනිස් අම්පාරට ගෙනා නියෝජ්‍ය පොලිස්පති


කොළඹ ටෙනිස් අපට ගෙනා
නියෝජ්‍ය පොලිස්පති ........
මීට මාස හතරකට කලින් අම්පාරට අලුතින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත්වී එනවා. හැමදාමත් වගේ නියෝජ්‍ය පොලිස්පති වරුන් අම්පාරට කොපමණ ආවත් එය අපට එතරම්

 විශේෂ කාරණයක් නොවන්නේ ඔවුන් පොලීසියේ පරිපාලන කටයුතුවලට හැර සාමාන්‍ය ජනතාව සමග නොගැටෙන චරිත නිසයි. හැබැයි මේ පාර ආවේ අතිවිශේෂ පුද්ගලයෙක් බව පත්වී අම්පාරට පැම්ණි පලමු සතිය ගතවෙන්න මත්තෙන් හැමෝටම වැටහෙන්නට වුනා. හම්බවෙන හැමෝටම ඉතාමත් ආදරයෙන් අමතන, සෑම විටම සිනහ මුසු මුසු මුහුණෙන් සිටින, කතා කරන හැමෝටම "තෙරුවන් සරණයි" කියා ආශිර්වාද කරන මේ නිරහංකාර නියෝජ්‍ය පොලිස්පතිතුමා පරිසරයට බෙහෙවින් ආදරය කරමින් අම්පාර නගරය පුරාවට සෙවණ උදෙසා රුක් රෝපණය කිරීමට පලමුව පියවර ගත්තා. එතනින් නොනැවතී බඩ ගින්දර තදින්ම දැනෙන කාලෙක අම්පාරේ කාගෙවත් අවදානය යොමු නොවෙන බක්මිටියාව , මංගලගම වගේ ඈත එපිට දුෂ්කර ගම්මානවල පැල්පත්වලට ඉටුදෙවියෙක් වගේ ගිහින් ආහාර සහ අනෙකුත් අවශ්‍ය දේවල් අරන් ගිහින් දුන්නා.සෑම ගෙදරකම කුස්සියේ බත් හට්ටියටම එබිලා ඔවුන්ගේ බඩ ගින්දර නිවාලන්නට උදව්කලා, පාසල් යන්න බැරි අසරණ දරුදැරියන්ට පොත්පත් අරන්දෙන්න , ක්‍රීඩා උපකරණ අරන් දෙන්න, කටුමැටි අසරණ පවුල් ඉන්න ගෙවල් වලට අලුත් ගෙවල් හදලා දෙන්න අලුතින් අම්පාරට ආපු නියෝජ්‍ය පොලිස්පතිතුමා තමන්ගේ කොලඹ හිතවතුන්ගේ උදව් අරගෙන වැඩ ආරම්භ කළා.

පසුගියදා සමස්ත ලංකා වොලිබෝල් ශූරියන් වූ උහන තිස්සපුර විද්‍යාලයේ කණ්ඩායම් තුනේම දියණියගේ අවසාන මාස 2 තුල පෝෂණ අවශ්‍යතා, තරග පැවැත්වෙන කාලයේ කෑම බීම, තරගයට අවශ්‍ය සපත්තු හිතවතුන්ට කතාකර ලබා දී ඔවුන්ගේ රටේම අවදානය ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේත් එතුමන්‍ ය.

ඉන් අනතුරුව අම්පාර ප්‍රදේශයට සිහිනයක්ව පමණක් වී තිබු අගනුවර සල්ලි කාරයින්ටත් ඔවුන්ගේ පවුල්වල පමණක් වෙන්වී තිබූ ටෙනිස් ක්‍රීඩාව ආරම්භ කිරීමට එතුමා තීරණය කලා. ඒ එතුමා දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙකු නිසාවෙන් සහ ටෙනිස් වලට දක්වන අසීමිත ආදරය නිසාවෙනි. අම්පාර දිස්ත්‍රික්කයේ 450 අධික පාසල් අතර කිසිම පාසලක ටෙනිස් ක්‍රීඩා කරනවාවත් දැක නැති මොහොතක දමයන්ත මහතා පලමු ක්‍රීඩා පිටිය සෑදීමට ඩී එස් සේනානායක ජාතික පාසල තෝරාගන්නේ විශේෂයෙන් අම්පාරේ ඇති එකම ක්‍රීඩා පාසල එහි පැවැතීම හේතුවෙනි . ඒ පාසලේ ඇති පිටිය කෙලවරක උස් කණ්ඩියක් පස් කියුබ් 250 ක් යොදා ගොඩකර බැමි බැද මේ දැවැන්ත පියවර තැබීමට පටන් ගත්තේ මේ සදහා උදව් උපකාර කිරීමට ඩී එස් සේනානායක ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ කොලඹ ශාඛාව සමග එක්වයි. ඉන් පටන්ගත් මේ මහා කාර්ය දවසින් දවස සීඝ්‍ර සංවර්ධන කටයුත්තක් සේ දිවා රෑ නොබලා එතුමාගේ දැඩි කැපවීමෙන් දින 80 යන්න මත්තෙන් මාස 6න් අවසන් කල යුතු ක්‍රීඩා පිටිය රාජ්‍ය ආයතන සියල්ලගේම උදව් උපකාරත් අම්පාරේ වෙළද ප්‍රජාවගේත් සහයෝගය ඇතුව මහා වැසි වැටෙන කාලයක සාර්ථකව අවසන් කළේය. මේ දින 80 පුරාම සෑම දිනකම එතුමාගේ වැඩි කාලයක් දිවා රෑ නොබලා මේ කටයුත්ත වෙනුවෙන්ම කැප කලේ රාජ්‍ය නිලධාරීවරයෙකුට මේ තරම් කැපවීමක් අනුන් වෙනුවෙන් යොදවන්නට කිසිදාවත් හැකිදැයි සිතාගන්නවත් නොහැකි තරමටයි. සමහර අවස්ථාවල බදාම රැගෙන ගියේ එතුමායි. තම නිලධාරීන් හා එක්ව වලවල් කපන්න, බිම් සකසන්න තම ශ්‍රමය වැය කළේ නිරහංකාර ලෙසයි.
දිනෙන් දින ඉදිවෙන මේ මනරම් ක්‍රීඩා පිටිය
ඊයේ දින සිසු අයිතියට පත් කළේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ උසස්ම තත්වයේ හොදම ටෙනිස් ක්‍රීඩා පිටිය ලෙසයි. කෝටි එක හමාරක් පමණ වැයවෙතැයි ගණන්බැලූ මේ ක්‍රීඩා පිටිය හැමෝගෙම මහන්සියෙන් ලක්ෂ 50 අඩු මුදලකින් ඉදි කලේ එතුමාගේ ඇති සියලුම කැප කිරීම් සහ දැනුම භාවිතා කරම්නි. ක්‍රීඩා පිටියත් සමග ජාතික ටෙනිස් සංගමය හරහා දක්ෂ පුහුණු කරුවෙක් සහ මිලියන ගණනක් ක්‍රීඩා උපකරණත් පාසලට ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි ඉදිරි මාස කිහිපය තුළ අම්පාර අවට සිංහල දෙමළ සහ මුස්ලිම් පාසල්වලත් අම්පාරට ආසන්න මොනරාගලත් ටෙනිස් ක්‍රීඩා පිටි ඉදිකර දෙන්නට එතුමා සැලසුම් සකස් කර අවසන්.
අම්පාරෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු ටෙනිස් ක්‍රීඩාවෙන් බිහිකර ලීම එතුමාගේ එකම අපේක්ෂාව වන අතර, ලංකාවේ සීමිත පාසල්වලට පමණක් සීමා වූ ක්‍රීඩාවක් අම්පාර වගේ අති දුෂ්කර පළාතක දක්ෂ දරුවන්ට උගන්වා ඒ තුළින් ඉදිරි ජීවිතයට අලුත් පාරක් තනන්නට එතුමා ගත් මේ පියවර දිගාමඩුලු ටෙනිස් ඉතිහාසය තුළ නොමැකී පවතීවි.

බොහොමයක් රජයේ නිලදාරින් වැඩ කරන පැය කිහිපයත් කිසිම එලදායි රාජකාරියක් නොකරන බවට චෝදනා කරන කාලයක තම සියලු කාලය අතිශයින්ම මිනිසුන්ගේ සැපවත්බව වෙනුවෙන් කැපකරන තරු පටි වලට යටින් වූ මනුස්සකම ඉහලින්ම ඉස්මතුවෙන මේ වැනි උසස් නිලධාරීන් රටටම ආඩම්බරයක්.....
Daminda ubayarathna

Saturday, January 21, 2023

අද උදෑසන අම්පාරට තද වැසි


අද උදෑසන ඇතිවූ තද වැසි සමග අම්පාර ස්ථාන රැසක ගස් කඩා වැටී තිබේ. අම්පාර රෝහල අසල විශාල සියඹල ගසක් කඩා වැටී ප්‍රධාන මාර්ග⁣ය අවහිර වී තිබුන අතර මාර්ග මේ වන විට යථාවත් කොට ඇත.

Friday, January 20, 2023

මඩ පොහොර සම්පූර්ණයෙන් නොමිලේ


වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඬ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණ කරයි

මහ කන්නයේ දී මඬ පොහොර ලබා දීමට තීරණය කර තිබුනත් ඒවා මිල දී ගැනීමට නොහැකි විය. එයට හේතුව නම් රුසියාව හා යුක්රේනය අතර ගැටුම නිසා යුක්රේනය විසින් එම පොහොර අපනයනය අ

තෙවන පසෙල් වාරයේ තවත් අදියරක් අදින් අවසන්


තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද අවසන් වෙයි
2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර අද (20 ) අවසන් වේ.

බිත්තර සදහා උපරිම මිලක්


අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදිසුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු බිත්තරයක් සඳහා රුපියල් 46 ක උපරිම සිල්ලර මිලක් දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Friday, January 13, 2023

අම්පාර ලේ බැංකුවේ ඉල්ලීමය ඉගිනියාගල සිඅබ ක්ෂණික ප්‍රතිචාර


අම්පාර ලේ බැංකුවෙන් හදිසියේ කළ ඉල්ලීමට අනුව ඉගිණියාගල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරී කර්නල් යූ.එච්.ටී.එන්. පෙරේරා මහතා විසින් විසින් 12.01.2023 දින ලේ දන් දීමේ

Fitch rate ශ්‍රී ලංකාවේ බැංකු 10ක් තවත් පහත හෙලයි!


Fitch රේට්, දේශීය මුදල් ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම නැවත ක්‍රමාංකනය කිරීමේදී ශ්‍රී ලංකා බැංකු 10 ක් පහත හෙලයි.
ශ්‍රේණිගත කිරීමේ සියලුම බැංකු 10ම සෘණාත්මකව සිටීමද විශේෂයකි.

Thursday, January 12, 2023

මෛත්‍රීපාල ඇතුලු පිරිසට පාස්කු වින්දිතයන්ට වන්දිගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. දැන් ජනපති නිසා එදා රනිල් වගඋත්තර නාමලේඛණයෙන් කලින්ම ඉවත් වෙයි!


📌️ පාස්කු ප්‍රහාරය වලකා ගැනීමට පියවර ගෙන නෑ.
📌️ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ වගඋත්තරකරුවන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
📌️ වසර දෙකක් පෙත්සම විභාග කලා.
📌️ මෛත්‍රී මිලියන 100
📌️ පූජිත් ජයසුන්දර මිලියන 75
📌️ නිලන්ත ජයවර්ධනට මිලියන 75
📌️ හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50

රාජ්‍ය සේවකයා ගූ වලින් නාවයි


අම්පාර රාජ්‍ය දෙපාර්තමේන්තුවක් හා සම්බන්ධ පරිපාලන නිලධාරියෙකුට, එහි සේවකයෙක් අසූචි ⁣මිශ්‍රණයකින් නාවා ඇති බව වාර්තා වෙනවා. අසූචි නෑ පරිපාලන ⁣නිලධාරියාගේ තීරණ මත අගතියට පත් සාමාන්‍ය රාජ්‍ය සේවකයා, තම මානසික පීඩනය